Life
බෙල්ලෙන් උඩ රෝග සඳහා ශීරෝධාර ප්‍රතිකර්ම
පංචකර්ම චිකිත්සාවේ දෙවැනි තැන යෙදෙන්නේද, හඳුන්වා දෙන්නේද ශීරෝධාරා පිළියමටය. පංච කර්ම යනු,
1. තෛල අභ්යගේ
2. "ශීරෝධාරා"
3. සර්වාංගධාරා
4. කටීවස්ථ
5. ශිරෝවස්ථ
6. ස්වේද කර්ම යන්නයි.
ඉහත සඳහන් පංචකර්ම කිරීමේදී රෝගියකුට දසරුවෙන් (බෙල්ලෙන්) උඩ රෝග සඳහා ශිරෝවස්ථි මෙන්ම ශීරෝධාරා යෙදිය යුතුමය.
බෙල්ලෙන් උඩ රෝග වශයෙන් හැඳින්වෙන පීනස් රෝග, අක්ෂි රෝග, කර්ණ රෝග සියල්ල ඇති කිරීමට උපස්තම්භක වන්නේ හිසේ රෝගය.
පීනස් රෝගය
පීනස්
රෝගය දරුණු වීමෙන් නිරෝගී පුද්ගලයාට නොයෙකුත් ආකාර රෝගාබාධ ඇති වේ. තද
හිසේ වේදනාව, ඇස් පෙනීම දුර්වල වීම, කන් ඇසීම දුර්වලවීම, කල්පනා ශක්තිය
අඩුවීම, හරිහැටි නින්ද නොයැම, අකලට හිසකෙස් පැසීම, කෙස් ගැලවී යැම,
විදුරුමස් දියවීම, දත් බුරුල්වීම, දත් දිරායැම, අකාලයේ දත් වැටීයැම, කට ගඳ
ගැසීම, මොළයේ වතුර පිරීමේ රෝගය සහ මානසික රෝගය (උමතු රෝගයන්ද) ශිරෝ රෝග
ගණයට ඇතුළත් වේ.
පීනස් රෝගය හෙවත් හිසේ රෝග හේතුවෙන් එය උග්‍රවී
ගොස් සුවකළ නොහැකි හතිය ඇති වේ. එහි අතුරු විපාකය ඔබ්බට ගොස් හෘදය
වස්තුව, පෙණහලු දෙක මුල්කර ගෙන හෘදයේ එක් කොටසකට ලේ ද්‍රව්‍ය අවහිර වී එම
කොටස මැරී හෘදයාබාධයට ගොදුරු වී මරණයට පවා පත් විය හැකිය.
හිසේ රෝගවලින් වැළකීමට නම් අපත්‍ය ආහාර විහරණවලින් වැළකී සිටිය යුතුය.
අනවශ්‍ය
ලෙස නිදි වැරීම, රාත්‍රි කාලයේ නෑම, අයිස්ක්‍රීම්, සව් වැනි ආහාර රාත්‍රි
කාලයේ නොගත යුතුය. රාත්‍රි කාලයේ පිනි බෑමෙන් වැළකී සිටිය යුතුය. අයිස්
වතුර පානය නොකළ යුතුයි. තද හිරු රැස්වලින් හිස ආවරණය කරගත යුතුය. හිස්
වැසුම් පැළඳීම ඉතා යෝග්‍යය.
අයහපත් කල් ක්‍රියාව, දුම් දූවිලි
ආදියෙන් ආරක්ෂා නොවීම, හිස තැවීම, මුත්‍රා වැඩි වේලාවක් දරාගෙන සිටීම යන
මේවා හේතු කාරක කොටගෙන මූලික කොටගෙන වැළකී සිටිය යුතුය.
හිසේ රෝග
වැළඳීමට මූලිකම හේතුව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම සහ නරක්වීම යයි කීවොත්
නිවැරැදිය. ප්‍රතිශ්‍යාවේ පූර්ව රූප වශයෙන් හිසබර බව, කිවිසුම් යැම, ඇඟ
මැඩුම (තද ගතිය, අපහසුව), ලොමු දැහැගැන්වීම සහ ඇතිවෙන වෙනත් උපද්‍රව රෝග සහ
ප්රතික්ෂා රෝග ඉපදීමට පෙර පැහැදිලිව රෝග ලක්ෂණයන්ය.
ප්‍රතිශ්‍යාව රෝගයද ප්‍රභේද පස් වැදෑරුම් වේ.
1. වාත ප්‍රතිශ්‍යා ලක්ෂණ
2. පිත්ත ප්‍රතිශ්‍යා ලක්ෂණ
3. කපජ ප්‍රතිශ්‍යා ලක්ෂණ
4. සන්නිපාත ප්‍රතිශ්‍යා ලක්ෂණ,
5. රක්ත ප්‍රතිශ්‍යා ලක්ෂණය.
මෙහි
සඳහන් කළ ප්‍රභේදවලින් දරුණුම වනුයේ රක්ත ප්රතිශ්යාවය. නාසයෙන් ලේ
ගැලීම, ඇස් රතු පැහැවීම, හුස්ම හෙළීමේදී ගඳ සුවඳ පිළිබඳ නොදැනීම, පපුවේ
වේදනාව, තද බව, බර බව, නාසයෙන් කුණු ගඳ හැමීම, කනේ තද වේදනාව, කන පැසවීම,
දියර ගැලීම, කණෙන් කළු පැහැති සහ සුදු පැහැති කුඩා කෘමීන් ඉපදීම සිදුවේ. එය
රෝග උච්ඡමස්ථානය වේ. එය කෘමිජ ශීරෝ රෝගය නමැති තත්ත්වයේ රෝග ලක්ෂණ පහළ
වූ අවස්ථාව සේ සැළකේ.
ශීර්ෂගත රෝගයේ හිසේ ලෙඩේ පීනස් රෝගයේ
ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේ පීනස් ප්‍රභේද දහඅටක් වශයෙන් සඳහන් වේ. එනම්
ප්‍රතිකාර කිරීමේදී උගත්, දක්ෂ වෛද්‍යවරයා චිකිත්සාව යෙදීමේදී රෝග ප්‍රභේද
නිර්ණය කර එයට අවශ්‍ය පරිදි ප්‍රතිකර්ම කළ යුතුය. ශීරෝධාරා ශිරෝවස්ථි
යොදා රෝගියා සුවපත් කළ යුතුය.
පීනස් ප්‍රභේද දහඅටකි (18)
ක්ෂිරන වායු පීනස, ප්රථිගන්ධ පීනසය,
වාත පීනසය, කෝල පීනසය
ඉරක්නාඩි පීනසය, මාංශ පීනසය,
අර්බුද පීනසය, ජවර පීනසය,
කරන්ඩමාල පීනසය, යොමු පීනසය
ක්‍රිමි පීනස, ගඳ පීනස
ලේ පීනස, දිය පීනස
ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස
මේ
ආදී වශයෙන් දක්වා ලූ රෝග ලක්ෂණවලින් හෙබි රෝග ප්‍රභේද වැළඳුණු රෝගීන්
වත්මන් සමාජයේ බහුල වශයෙන් වැඩිවෙමින් පවතී. සෙම්ප්රතිශ්යාවෙන් ප්‍රවේශම්
නොවී, වැරැදි ආහාරපාන වැළඳීම නිසාත්, වැරැදි චර්යාවන් හේතුවෙන් නරක්වූ
සෙම, කුපිත වූ සෙම පෙනහැලි කරා යැමෙන් ලය පීනස් තත්ත්වය ඇති කරයි.
මෙම
ශීරස මුල් කරගෙන ඇතිවන්නා වූ සියලු රෝග නිවාරණයට දේශීය වෛද්‍ය ඉතිහාසයේ
සඳහන් පරිදි හිසට අවශ්‍ය ප්‍රතිකාර දේශීය වෛද්‍ය ප්‍රතිකාර සුදුසු පරිදි
දේශීය වෛද්‍යවරයා අවස්ථානෝචිතව ස්ථානෝචිත අදාළ ඔසු වර්ග යොදා රෝගීවූ අය
එම රෝගවලින් මුදාගත හැකිය. මරණ මංචකයට යා නොදී දීර්ඝායුෂ වළ¹ සිටීමට උරදිය
හැකිය.
ශීරෝධාර සහ ශිරෝවස්ථි වැනි දේ සිරස රෝගවලට දේශීය වෛද්‍ය
ප්‍රතිකාර නොයොදා වෙනත් ප්‍රතිකාර කිරීමට යැමේදී සාර්ථක ප්‍රතිඵලයක්
ලැබීමට නොහැකි වී ඇත. ඇතැම් අයට මරණයට පවා ගොදුරු වීමට සිදුවූ අවස්ථා
නැතුවා නොවේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks